Gossips

නිධන් හැරූ 06 දෙනෙකු ගිරිඋල්ලේදී අත්අඩංගුවට

ගිරිඋල්ල – ගල්හේන්කන්ද ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් සමඟ කැණීම් කිරීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 27 ත්, 60 ත් අතර වයස්වල පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.