Gossips

නිධන් හැරූ, බුදුපිළිම සොරා ගත් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට

ආනමඩුව සහ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශවලදී අනවසරයෙන් පුරාවස්තු කැණීම් සිදුකළ පුද්ගලයින් 06 දෙනෙකු සහ බුදුපිළිම 03ක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ආනමඩුව – කෝන්වැව ප්‍රදේශයේ කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් ආනමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි 28 ත් 52 ත් අතර වියේ පසුවන්නන්.
මේ අතර, ගලෙන්බිඳුණුවැව – උපුල්දෙණිය ප්‍රදේශයේදී ඓතිහාසික වටිනාකමකින් යුත් පිත්තලෙන් සහ කිරිගරුඬෙන් නිම වූ බුදුපිළිම 3 ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
28 ත් 39 අතර වියේ පසුවන සැකකරුවන් උපුල්දෙණිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමට නියමිතයි.