Gossips

නිධන් හැරූ පස්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරුප)

මොණරාගල – සියඹලාණ්ඩුව – පහේ කණුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් කුරුණෑගල, වැල්ලවාය, සියඹලාණ්ඩුව සහ බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
නිධන් හැරීම සඳහා යොදා ගත් උපකරණ සහ මෝටර් රථයක් මෙන්ම ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 23ත්, 42ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

ඡායාරුප – වැල්ලවාය, ජයන්ත වීරසේකර