විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කොහොඹගස්පිටිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ පහරදීමෙන් වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ එලෙස නිධන් හාරමින් සිට ඇති අතර, ඉන් එක් අයෙකු වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සිවිල් ආරක්ෂක බලකා භටයින් කිහිප දෙනෙකු ද මෙම පිරිස අතර සිට ඇති බවයි.