ඌරුබොක්ක, කැකුන්දෙණිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් ඌරුබොක්ක පොලිසිය විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි ඌරුබොක්ක පොලිසිය පැවසුවේ.
නිධන් හෑරීම සඳහා මොවුන් පැමිණි බව කියන වෑන් රථයක් සහ යතුරුපැදි දෙකක් ඇතුළු නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් මොරවක, වීරකැටිය, කැකුන්දෙණිය සහ හීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මොවුන් අද (23) මොරවක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
