නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් දෙදෙනෙකු මහියංගනය සහ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මහියංගනය – ගොරොක්ගස්කඩ ප්‍රදේශයේදී 40 හැවිරිදි හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම, ගිරාදුරුකෝට්ටේ – හැංගුම ප්‍රදේශයේදී ද ඊයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
65 හැවිරිදි ඔහු ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
