නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් බලංගොඩ – සමනලවැව ප්‍රදේශයේ කැණීම් සිදුකළ සැකකරුවන් 4 දෙනෙකු පූජා භාණ්ඩ සමඟින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුල්වැව, ගනේමුල්ල, ඉඹුල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් අවුරුදු 19, 42 සහ 45 යන වයස්වල පසුවන්නන්.
අද දිනයේ සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.
