Gossips

නිදියහනේදී පියා මැරූ පුතා (ඡායාරූප)

පොල්ලකින් පහරදී සිය පියා ඝාතනය කළ පුතෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.
පහර කෑමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි සිව්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.
අද (28) අලුයම් කාලයේ පියා නිදාගෙන සිටියදී පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා මානසික රෝහයකින් පෙලෙන්නෙකු බවට අනාවරණය වී තිබෙනවා.
සිය පුත්‍රයාගෙන් තමන්ට නිරන්තරයෙන් හිරිහැර වන බවට මියගිය පියා විසින් ඊයේ (27) නෝටන්බ්‍රිජ් පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති බවට හෙළිව තිබෙනවා.
තමන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් උරණවී පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සැකකරන්නේ.
ඝාතනය සිදුව අවස්ථාවේ පියා සහ පුත්‍රයා පමණක් නිවසේ සිට ඇති අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ ඊයේ රාත්‍රියේ ඥාති නිවසක රැදි සිට ඇති බව සඳහන්.
මිය ගිය පුද්ගලයාගේ සිරුර දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ