Gossips

නිදහස් සන්ධාන විධායක සභාව හෙට රැස්වෙයි

එක්සත් ජනතා ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති නිල නිවසේදී හෙට රැස්වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සන්ධාන විධායක සභාව හෙට පෙරවරු 8.30 ට ආරම්භ වන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය් හෙට උදෑසන 9.30 ට ආසන, දිස්ත්‍රික් සංවිධායකවරුන් ද ජනාධිපති මන්දිරයට කැඳවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවයි ශාන්ත බණ්ඩාර තවදුරටත් කියා සිටියේ.