Gossips

නිදහස් සන්ධාන මහ ලේකම්ගෙන් කථානායකට ලිපියක්

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු තවදුරටත් එලෙසම කටයුතු කරන බව නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
2015 අගෝස්තු මස 17 වනදා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ සියලූම මන්ත්‍රීවරුන් එම සන්ධානයේ කටයුතු කරන බවයි එහි දැක්වෙන්නේ.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න කියා සිටියේ අද දිනයේදී මෙම ලිපිය කථානායක කරූ ජයසූරිය වෙත යොමුකර ඇති බවයි.