Gossips

නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කොළඹට

ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරුන් අද (11) කොළඹට කැදවා තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාත්‍රි 7ට මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර රට තුල පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී තවදුරටත් කරුණු හුවමාරු කරගනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මැතිවරණයට සන්ධානගතව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ මේ වනවිට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඇතැම් දිස්ත්‍රික්ක වලට සන්ධානගතව සහ තවත් දිස්ත්‍රික්ක වලට තනිව තරඟ වැදීමට පක්ෂ දෙක තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.
කෙසේ වෙතත්, සන්ධානගතව තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නැහැ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම එම පක්ෂයට සහය පළ කරන පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ද අද (11) දිනයේ පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට කැදවා තිබෙනවා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ ඉදිරි මහ මැතිවරණයට සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන්.