ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි අතර, සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක්වූ නියෝජිතයින් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ දිවුරුම් දෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ.
