Gossips

නිදහස් සන්ධාන පක්ෂ නායකයන් හිටපු ජනපති නිවසේ සාකච්ඡාවක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ, කොළඹ – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදියි.
පස්වරු 5ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවේදී වත්මන් දේශපාලන කරුණු පිළිබදව අවදානය යොමු කිරීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.