ව්‍යවස්ථාදායක සභාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති.
මේ අතර ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය වර්තමානයේ පත්ව ඇති කණගාටුදායක තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.
එසේම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගැනීමද පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.
