Gossips

නිදහස් පක්ෂ 16 දෙනා ගෞරවය රකින ලෙස ඉල්ලයි – සන්ධාන මහලේකම් ඇත්ත කියන්න සූදානම්

ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කමිටු පත් කළ ද අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරුන්ගේ ආත්ම ගෞරවය පිළිබඳව පක්ෂය සැලකිලිමත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.
ඒ ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නිදහස් පක්ෂය පත් කළ කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ගිවිසුම අත්සන් කළේ 2015 වර්ෂයේ අගෝස්තු 21 වනදායි.
ප්‍රධාන කරුණු 10 කින් සමන්විත මෙම ගිවිසුම වසර දෙකකට පමණක් වලංගු වූ අතර දෙපාර්ශවයේම එකඟතාවය මත එහි කාලය දීර්ඝ කළ හැකි බව ගිවිසුමේ සඳහන් වුණා.
මේ වනවිට එම ගිවිසුමේ කාලය අවසන් වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් සඳහන් කළේ ඉදිරියටත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවයි.
කෙසේ වෙතත්, ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ සත්‍යය ප්‍රකාශ කිරිමට තමන් සූදානම් බවයි.
සජීවි දේශපාලන සංවාදයකදී එලෙස අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පැවති විශ්වාසභංග යෝජනාවේදී ගත් පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ.