Gossips

නිදහස් පක්ෂ සාකච්ඡා ගැන ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක මහින්ද හමුවීමේ සූදානමක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වනවාද යන්න සම්බන්ධයෙන්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා සිදුකර තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.
අයවැය ඡන්ද විමසන අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
කෙසේ වෙතත් අයවැය ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීම නව පොදු සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් දියත් වන සාකච්ඡා සඳහා බාධාවක් සිදුනොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් ඊයේ (06) හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ අයවැය පරාජයට පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් විපක්ෂය සතුව නොපැවති බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ අයවැයේදී එම කණ්ඩායම කටයුතු කළ ආකාරය අනුව ඔවුන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳ සැකයක් මතුවන බවයි.