Gossips

නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර, එකඟතා 20 ක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ලබන අප්‍රේල් 10 වනදා යලි සාකච්ඡා කිරීමට නියමිත බවයි.
අද උදෑසන 11 ට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වුණා.
අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ දෙපාර්ශවය අතර එකඟතාවන් රැසක් ඇතිකරගත් බවයි.
කෙසේ වෙතත්, කෑගල්ලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ පක්ෂයේ කඩා වැටීමට පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිත්වය බලපා ඇති බවයි.