Gossips

නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ වෙනසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව බත්තරමුල්ල – අපේ ගම පරිශ්‍රයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂටද ආරාධනා කර ඇති බව සඳහන්.
මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු, වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට සිදු කිරීමට යෝජිත සංශෝධන කිහිපයකට අනුමැතිය ලබාගැනීමද සිදුවන බවයි නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊට එක්වීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.