Gossips

නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් හා ජනපති අතර හමුවක්

වත්මන් දේශපාලන තත්ත්වය සහ හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.
අද (18) පස්වරු 7.30ට පමණ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.