ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතරතුර ඉන් පිටත අද (12) උණුසුම් තත්වයක් ඇති වුණා.
ඒ, නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින් දෙදෙනෙකුට ආරාධනා නොකිරීම හේතුවෙන්.
මෙම ආසන බල මණ්ඩල රැස්වීම සංවිධාන කර තිබුණේ එම පක්ෂයේ මාවනැල්ල ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන්.
නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ සභිකයන් දෙදෙනෙකුට සහ තවත් පාක්ෂිකයින් පිරිසකට මෙම රැස්වීමට ආරාධනා නොකළ බව පවසමින් ඔවුන් රැස්වීම පැවැත්වෙන භූමියට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්වය ඇති වුණා.
එහිදී ඔවුන් පැවසුවේ තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන්නේ යැයි පවසමින් බල මණ්ඩල රැස්වීමට ආරාධනා කර නොමැති බවයි.