Gossips

නිදහස් පක්ෂ මහ ලේකම් කණගාටුවෙන්

ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ ජනබලය කොළඹට විරෝධතාව නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ගමන් කරන අවස්ථාවේ පිරිසක් හූ හඩ නැගීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව එම පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමද ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ කිරි පැකට් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.