Gossips

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට, ජනපතිගෙන් මැන්ඩෙලා සහ ගාන්ධි

පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කළ කිසිදු දේශපාලන පක්ෂයකට භාවිතා වූ ඡුන්ද සංඛ්‍යාවෙන් සියයට 40කට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිව වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පළාත් පාලන මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තේරී පත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (26) සිදුකෙරුණා.
මෙහිදී ජනාධිපතිවරයා, මහත්මා ගාන්ධි කෘතිය සහ නෙල්සන් මැන්ඩෙලා ස්වයං චරිතාප්‍රදානය වූ ‘‘ආදරණීය මැන්ඩෙලා’’ කෘතිය ද නවක මන්ත්‍රීවරුන් වෙත ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමේ බලය හිමි කර ගැනීමට අවකාශ නොමැති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.