ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති නිල නිවසේදී.
මෙම රැස්වීමේදී රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා.
මේ අතර රාත්‍රී 7 ට ආරම්භ වූ මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයින් පස්වරුවේ සිට ජනාධිපති නිල නිවස වෙත පැමිණියා.
