Gossips

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දේශපාලනමය වශයෙන් වැදගත් කරුණු රැසක් ගැන සාකච්ඡා

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වුණා.
ඒ, ජනාධිපති නිල නිවසේදී.
පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවති අතර අනතුරුව දේශපාලනඥයින් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
මෙම සාකච්ඡාවේදී දේශපාලනමය වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.