ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීම සඳහා නිශ්චිත කාල වකවානු ලබා දීම ඊයේ පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සිදුව තිබෙනවා.
මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකුද එක්ව සිටීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී රැස්වුණේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී.
එහිදී ප්‍රමුඛ අවධානයක් යොමුව ඇත්තේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳවයි.