Gossips

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගනී

ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් ඉන් ඉවත්වීම පිළිබඳව කඩිනමින් තීරණය කළ යුතු බවට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ, ඊයේ (17) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
ලබන ජුනි මස 03 වැනිදා යළි නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත අතර, එදිනට තාවකාලික නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමටද මෙහිදී තීරණය වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම, පක්ෂයේ සියලූ ප්‍රතිසංවිධාන කටයුතු ද අගෝස්තු 20 වැනිදාට පෙර සිදුකිරීමටද එහිදී තීරණය වූ බවයි එහිදී මන්ත්‍රීවරයා සදහන් කළේ.