Gossips

නිදහස් පක්ෂ, පොහොට්ටු තවත් සාකච්ඡාවක් මැයි 9 වනදා

නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.
ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි.
මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡාවට දෙකක් පැවතුණ අතර එහිදී සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමටයි තීරණය කෙරුණේ.
මේ අතර අද පැවති සාකච්ඡාවේදී ද තීරණය වී ඇත්තේ ලබන මස 9 වනදා රැස්වී මෙම නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද එක්වුණා.
එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත ද එක්ව ඇති බවයි වාර්තා වන්නේ.