Gossips

නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණු නව සන්ධාන, ප්‍රතිපත්ති 21 වනදා සාකච්ඡාවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර, ලබන 21 වනදා පැවැත්වෙන දෙවන සාකච්ඡාවේදී නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙහිදී ආර්ථික, අධ්‍යාපන ඇතුළු නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳ මූලික එකඟතාවකට පැමිණීමට නියමිත බවයි.
පසුගිය 14 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී පළමු නිල සාකච්ඡාව පැවති අතර, දෙපාර්ශවයම නියෝජනය කරමින් 6 දෙනෙකු ඊට සහභාගි වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එක්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත සහභාගි වී තිබුණා.
මේ අතර, අයවැයට විරුද්ධව ඡුන්දය භාවිතා නොකිරිමෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බරපතල වරදක් සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ඊයේ ප්‍රකාශ කළා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ද එක්ව සිටියා.