Gossips

නිදහස් පක්ෂ නව මහලේකම් මහනාහිමිවරුන් බැහැ දකී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අද (06) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස තේරී පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්තීී‍්‍ර දයාසිරි ජයසේකර පළමුව අස්ගිරි මහාවිහාරයට ගොස් මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව දළදා මාළිිගාව වෙත ගිය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දළදා සමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත් බවයි මහනුවර හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් මන්ත්‍රීවරයා මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි සහ පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් ද බැහැදුටුවා.