ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 ට මෙම රැස්වීම ආරම්භ වන අතර, පළාත් 3 ක දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් ඊට සහභාගිවීමට නියමිත බවයි වාර්තාවන්නේ.
එමෙන්ම ඉරිදා දිනයේදීද පළාත් කිහිපයක සංවිධායකවරුන් කැඳවා ඇති අතර, මෙහිදී නව සංවිධායක ධුර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.
