ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
රාත්‍රී 7 ට පමණ ආරම්භවන මෙම රැස්වීමේදී ජාතික ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද, නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ තමන් වෙත එවා ඇති න්‍යාය පත්‍රයේ මේ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් සිදුකර නොමැති බවයි.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව එම න්‍යාය පත්‍රයේ ඇතුළත් බවද ඔහු සඳහන් කළා.
