Gossips

නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (10) රාත්‍රියේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා.
මෙහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සදහන්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ කැබිනට් රැස්වීම වර්ජනය කිරීම ආණ්ඩුවෙන් ඉවත්වීමට ගත් පළමු පියවර බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවේ දිගටම සිටිනවාද නැතහොත් ආණ්ඩුවෙන් ඉවත් වනවා ද යන්න පිළිබදව අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව යළි රැස්වීමට නියමිතයි.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09) රාත්‍රියේ රැස්වූ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, අවසන් තීරණයක් ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව අද (11) යළි කැදවීමටයි එහිදී තීරණය කෙරුණේ.
එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා තුරු නිදහස් පක්ෂයේ කිසිදු අමාත්‍යවරයෙකු කැබිනට් රැස්වීමට සහභාගි නොවීමට ද තීරණය කර තිබූ අතර ඒ අනුව ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කිසිදු නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකු එක්ව සිටියේ නැහැ.