Gossips

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ වෙනසක් ළඟදීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරවල සංශෝධන කිහිපයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ආසන සංවිධායක ධුරවල නිසි පරිදි කටයුතු සිදුනොකරන සහ ආසන සංවිධායකවරුන් නොමැති දිස්ත්‍රික්ක වලට නව සංවිධායකවරුන් පත් කිරීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ ආසන සංවිධායක ධුර සම්බන්ධයෙන්ද මෙම කමිටුව මගින් සොයා බලන බව පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.