Gossips

නිදහස් පක්ෂය සහ පොහොට්ටුව මොරටුවේදී සන්ධානගත වේ

මොරටුව මහ නගර සභාවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හතරදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවෙමින් අද පාලක පක්ෂයේ අසුන් ගත්තා.
එහි නව වසරේ පළමු මහ සභා රැස්වීම අද පෙරවරුවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔවුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් බවයි වාර්තා වන්නේ.
48 දෙනෙකුගෙන් සමන්විත මොරටුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 23 දෙනෙකු සිටි අතර, ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකුගේ සහයද ඔවුන්ට හිමිවුණා.
කෙසේ වෙතත්, අද නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සහය පළ කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 28 දක්වා ඉහළ යනවා.
ඒ අනුව විපක්ෂයට හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාව විස්සක්.