ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රී 7 ට පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ, ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි. වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතුද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනාගේ කණ්ඩායමේ කිහිප දෙනෙකුද අද පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
15 දෙනාගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ඇතුලූ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට එක්වනු ඇති බවයි.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුලූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රී කණ්ඩායමේ අත්සනින් යුතුව පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කළ ලිපියද නැවත වරක් සාකච්ඡාවට ගැනීමට යෝජනා කරන බවයි එම මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදියි.
