Gossips

නිදහස් පක්ෂය සමඟ සන්ධාන සාකච්ඡා වලට බාධාවක් නැහැ – විපක්ෂ නායක

අයවැය ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය ද එය නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් පවත්වන සාකච්ඡාවලට බාධාවක් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.