Gossips

නිදහස් පක්ෂය සමග එක්සත් ජාතික පෙරමුණ සාකච්ඡාවට සූදානම්

විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ආණ්ඩුවේ පවතින ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද (28) ප්‍රකාශ කළා.
ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පෙරේදා දිනයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ බව මෙරට රජය දැනුම්වත් කර ඇති අතර, ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.