Gossips

නිදහස් පක්ෂය නොමැතිව සුහද කැබිනට් හමුවක් – එජාපය කියයි

නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් නොමැතිවුවද කැබිනට් රැස්වීම සුුපුරුදු පරිදි පැවැත්වූ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා.
ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කැබිනට් රැස්වීම වර්ජනය කරනු ලැබුවා.
කෙසේ වෙතත් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වූ අතර, ඊට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු කැබිනට් අමාත්‍යවරුන් එක්ව සිටියා.
මේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් අදහස් දැක්වූ අමාත්‍යවරුන්
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා
– අද ජනාධිපතිතුමායි අපි බොහොම සුහද විදිහට එතුමාලා නාවා කියලා එක යෝජනාවක්වත් කැබිනට් මණ්ඩලයේ තිබුණ අපි මග හැරියේ නාහැ. ඔක්කොම අනුමත කළා. බරපතළ දේවල් අපි සාකච්ඡා කරන්න ඉදිරියට තිබ්බා. මම හිතන්නේ අද තීරණයක් ගනීවි. ජනාධිපතිතුමාත් අපේ පක්ෂ නායකයින් අතරත් සාකච්ඡා කරලා. කවුද ජනාධිපතිතුමා එක්ක ඉන්නේ අපි ජනාධිපතිතුමාත් එක්ක ඉන්න කට්ටියක් එක්ක වැඩ කරන්න අපි ලෑස්තියි. කැබිනට් මණ්ඩල සංශෝධනයකුත් මේ අවුරුද්දට ඉස්සෙල්ලා ඇති වෙයි.
ප්‍රශ්නය – තීරණය ගන්නේ කවදාද ඇමතිතුමා..?
පිළිතුර – කොහොම හරි සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාට ඕන වෙලා තියෙනවා කැබිනට් සංශෝධනයක් කරලා ඉවර කරන්න.
ප්‍රශ්නය – දැන් ඉදිරියට ආණ්ඩුවේ වැඩකටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවක් වුණාද. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කැබිනට් වර්ජනය කරන්න පටන්ගෙන තියෙනවා..?
– අමාත්‍ය සජිත් ප්‍රේමදාස
– මං හිතන්නේ අතිගරුජනාධිපතිතුමායි, ගරු අග්‍රාමාත්‍යතුමයි ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කරලා ඔය කරුණු ටික නිරාකරණය කරගනී..
ප්‍රශ්නය – ඇමතිතුමා මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදෙන එක රජයට නේද හොඳ නැත්තේ ජාතික ආණ්ඩුව ඉදිරියට යන්න..?
පිළිතුර – ඒ සියලු කරුණු කාරණා අවබෝධ කරගෙන තමයි අතිගරු ජනාධිපතිතුමායි ගරු අග්‍රාමාත්‍යතුමයි සාකච්ඡාවෙන් මේ වැඩකටයුතු ටික නිරාකරණය කරන්න කටයුතු කරන්නේ.
ප්‍රශ්නය – එස්.එල්.එෆ්.පී. ඇමතිවරු ටික ආපු නැති එක දැන් ලොකු ප්‍රශ්නයක් නේද මේක ආණ්ඩුව ගෙනියන්න..?
– අමාත්‍ය දයා ගමගේ
– ආණ්ඩුව ගෙනියන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ප්‍රශ්නය – ඇමතිධුර සම්බන්ධව ගැටලුවක් වෙනවා නේද..?
පිළිතුර – නායකයෝ දෙන්නා එකතු වෙලා අලුත් සබ්ජෙක්ට් දාලා ඉවර වෙලා අලුත් ඇමති මණ්ඩලයක් හදයි.
මේ අතර අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් රැස්වීම වර්ජනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ‘‘විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16දෙනාට විවිධ මන්ත්‍රීවරුන් සිදුකරන චෝදනා පිළිබඳව සළකා බලා අද පැවති කැබිනට් රැස්වීම වර්ජනය කළ බවයි.
එමෙන්ම මෙම ගැටළුව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉතා ඉක්මනින් රැස්වී තීන්දුවක් ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා. කණ්ඩායමක් ලෙස දෙකඩ නොවී එක්ව කටයුතු කිරීමටද අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.