Gossips

නිදහස් පක්ෂය නිවැරදි තීන්දුවකට සැරසේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එහිදී නිවැරදි තීන්දුව රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර, විශ්වාසභංගයට අත්සන් තැබූ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද හෘද සාක්ෂියට එකගව කටයුතු කරනු ඇති බවයි.