Gossips

නිදහස් පක්ෂය අයවැය ඡන්දය මඟ හැරි හේතුව හෙළිවෙයි

අයවැය පරාජයට පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් විපක්ෂය සතුව නොපැවති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
සිය කණ්ඩායම අයවැයට විරුද්ධ වුවද එය ජය ගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවක් ආණ්ඩුව සතුව පැවති බවයි ඔහු කියා සිටියේ.
ඊයේ පැවති 2019 අයවැය – අවසන් ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
2019 අයවැය වැඩි ඡන්ද 45 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ ඊට පක්ෂව ඡන්ද 119 ක් ලබා ගනිමින්.
එහිදී අයවැයට විපක්ෂව ඡුන්ද 74 ක් හිමි වුණා.
එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, විපක්ෂව ඡන්දය භාවිත කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණයි.
එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අයවැයට විරුද්ධව ඡුන්දය භාවිත කර තිබූ අතර එහි තවත් පිරිසක් ඡුන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාවේ රැදී සිටියේ නැහැ.