Gossips

නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ රැස්වනවා.
බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේදියි මෙම රැස්වීම පැවැත්වෙන්නේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
පස්වරු 5.30 ට පමණ ආරම්භවීමට නියමිත මෙම රැස්වීමේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.