ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ – මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.
මේ අතර, ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර හමුවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ඊට පොලිස්පති පූජිත් ජයසුන්දර ද එක්ව සිටි අතර එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ පසුගිය මාස තුන තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසයි.
එමෙන්ම අද සිට මාස් පතා එම වාර්තාව තමා වෙත ලැබීමට සලස්වන ලෙසත්, ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා නව කමිටුවක් පත් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පාතාලය මර්දනය වෙනුවෙන් දැඩි තීන්දු සමඟ ශක්තිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම ත්‍රිවිධ හමුදා බල ලත් නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයේ සමාරම්භය අද සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
