වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට කැඳවා තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී එම රැස්වීම පැවැත්වෙන බවයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූම මධ්‍යම කාරක සභා සභිකයින්ට ආරාධනා කර ඇති බව ද ඔහු කියා සිටියා.
