ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රි 7ට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
එහිදී ජාතික ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද, නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව ඇති බවට පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ තමන් වෙත එවා ඇති න්‍යාය පත්‍රයේ මේ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් සිදුකර නොමැති බවයි.
පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව එම න්‍යාය පත්‍රයේ ඇතුළත් බවද ඔහු සඳහන් කළා.