විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එළැඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපතිවරයා නම් කරනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා අද එම ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
