Gossips

නිදහස් පක්ෂයේ අවසානය ගැන ගම්මන්පිල හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බොහෝ දුරට එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු සිදු වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
නිදහස් පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ උප සභාපති යසපාල කෝරළගේ මහතා ඇතුළු පිරිසක් පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළා.