Gossips

නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට (19) ගැනීමට නියමිත බවට වාර්තා වනවා.
හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු පක්ෂ නායක කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගැනෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවුනා.
අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.
දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ අග්‍රාමාත්‍ය ධුරය කරු ජයසුරිය මහතාට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි.