Gossips

නිදහස් පක්ෂයෙන් වෙනස් කතාවක්

ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් බරපතල ගැටළුවලට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
මීගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම නිසා ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවයි.
‘‘මේ ආර්ථිකය මෙහෙයවන අය මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනා. ඔය කිහිපදෙනෙකුගේ ඕනෑ එපාකම් ඉටු කරන්න ගිහින් ජනතාව තුළ ආණ්ඩුව ගැන විශ්වාසය පහත වැටෙන එකයි වෙන්නෙ. මේකෙන් බරපතලම පාඩුව වෙලා තියෙන්නෙ අපිට, ජනාධිපතිතුමාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මොකද ආණ්ඩුවට ජැක් ගහන්න ගහන්න අපේ පළුවයි ගැලවිලා යන්නේ. අපි දන්නවා ඉතිහාසයේ ඉදන්ම යූ.ඇන්.පී ආණ්ඩුවක් ආවම තියෙන අත්දැකීම තමයි හැමවෙලේම රටට කෙලියා මිසක් රටට ආදරෙන් කටයුතු කළේ නැහැ.
ප්‍රශ්නය – මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න පුළුවන් කමක් තියෙනවා ද ?
පිළිතුර – නැහැ. නැහැ. ජනාධිපතිතුමා නම් මේ වෙනකොටත් කියලා තියෙන්නේ තවදුරටත් ආණ්ඩුවේ ඉන්න එක හොද නැහැ. මොකද දේශපාලනය කරන්න නම් විපක්ෂයට යන්න ඕනා කියන පණිවුඩය දීලා තියෙනවා. අපේ ලොකු විශ්වාසයක් තියෙනවා, 2015 ජනවාරි 8 වැනිදා වෙනුවෙන් තීන්දුවක් ගත්තු ජනාධිපතිතුමා 2018 අද වනවිට තත්ත්වය තේරුම් අරන් දේශපාලන තීන්දුවක් ගනියි කියලා. ’’