Gossips

නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 15 දෙනා තීරණයක් ගත යුතුයි – ඇමති දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ඊයේ (02) සමරනු ලැබුවා.
ඉස්ලාම් ආගමික වතාවත් මාලිගාකන්ද මුස්ලිම් දේවස්ථානයේදී සහ හින්දු ආගමික වතාවත් බම්බලපිටිය ශ්‍රී කදිරේශ්වරන් කෝවිලේදි සිදු කෙරුණා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණු අතර වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය, දුමින්ද දිසානයක කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයට සන්ධානයකින් ජනාධිපති අපේක්ෂයෙකු ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 16 දෙනාගෙන් දැන් සිටින්නේ 15 දෙනෙකු පමණක් බවත් ඔවුන් නිදහස් පක්ෂයේ ද පොදුජන පෙරමුණේද යන්න ප්‍රකාශයට පත් කළ යුතු බවයි.