Gossips

නිදහස් පක්ෂයට ලිච්ඡවී ක්‍රමය එපා වෙයි

ආර්ථිකය හැසිරවීමට ලිච්ඡුවී ක්‍රමය නොගැලෙපන බව විශේෂ කාර්යභාර අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
කොළඹ අද පැවති ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ 2018 ජාත්‍යන්තර ප්‍රදර්ශනය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
උත්සවයෙන් අනතුරුව, ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
"ආර්ථිකය හසුරුවන්න ගියහම ලිච්ඡවී ක්‍රමය හරියන්නේ නෑ. ආර්ථිකයේදී ඉක්මන් සහ තද තීරණ ගන්න වෙනවා. හැමදේටම ලිච්ඡවී ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්න ගියාම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා තීරණ ගත හැකි ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ නිසා මම ලිච්ඡවී ක්‍රමයට තදින්ම විරුද්ධ පුද්ගලයෙක්. දේවල් ඉක්මනින් සිද්ධ කරන්න පුලූවන් ක්‍රමය තමයි මම අනුමත කරන්නේ."